Hirunews Logo
%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 17 November 2017 - 13:20
ඇඟලුම් අපනයනය ඉහළට
549

Views
ජී.එස්.පී.ප්ලස් තීරු බදු සහනය නැවත හිමිවීමත් සමඟ මෙරට ඇඟලුම් අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බව කර්මාන්ත සහ වානිජ අමාත්‍යාංශය පවසනවා.

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ යුරෝපා සංගමයට ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 6 යි 7 ක ආදායමක් ලැබී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 11 යි දශම 3 ක වර්ධනයක්.

2015 වසරට සාපේක්ෂව 2016 වසරේ මුල් මාස 9 තුළ යුරෝපා සංගමය වෙත මෙරට ඇඟලුම් අපනයනය වර්ධනය වූයේ සියයට 2 කින් පමණයි.

මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇඟලුම් අපනයනයෙන් ද ඇමරිකානු ඩොලර් බිලියන 1 යි දශම 8 ක ආදායමක් ලැබී ඇති අතර එය සියයට 12 ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3යි දශම 9 යි 7 ක ආදායමක් හිමිවී තිබෙනවා.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 13 යි දශම 4ක වර්ධනයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE