තේ කර්මාන්තකරුවන්ට තරඟාවලියක්

Wednesday, 22 November 2017 - 13:45

%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙරට තේ වගාවට වසර 150 ක් සපිරීම නිමිත්තෙන් දිස්ත්‍රික්ක මට්ටමින් තේ වගාකරුවන් අතර තරගාවලියක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි කොමසාරිස් ජයන්ත එදිරිසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තේ කර්මාන්තය ආශ්‍රිත දැනුම වැඩිදියුණු කිරීම, වගාකරුවන් දිරිමත් කිරීම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් තේ නිෂ්පාදනය කිරීම මෙලෙස තරඟාවලියක් සංවිධාන කිරීමේ අරමුණ බවයි.

මෙම තරගාවලිය මගින් දිවයිනේ හොදම තේ කර්මාන්තශාලාව, හොදම තේ දළු කඩන්නා, හොදම තේ වගාබිම යනාදි අංශයන් අගය කිරීමට අපේක්ෂිතයි.