Hirunews Logo
%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 01 December 2017 - 15:49
උද්ධමනය ඉහළට
111

Views
ගත වූ නොවැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 07 යි දශම 6 ක් ලෙස සටහන් වී ඇති අතර, පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සියයට 1 යි දශම 2 කින් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද 120 යි දශම 8 සිට 122 යි දශම 2 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නැවුම් ආහාර, බලශක්ති, ප්‍රවාහන, සහල් සහ පොල් හැරුණු කොට නොවැම්බර් මාසයේ මූලික වාර්ෂික උද්ධමනය ඉහළ ගොස් ඇත්තේ සියයට 05 යි දශම 2 කින්.

ඔක්තෝම්බරයේදී එය සියයට 5 යි දශම 8 ක් ලෙස සටහන් වුණා.

ගත වූ මාස 12 ක විචල්‍ය සාමාන්‍යය මත පදනම්ව ගණනය කළ විට නොවැම්බරයේදී උද්ධමන අනුපාතය සියයට 6 යි දශම 4 ක් ලෙස වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝම්බරයේදී එය සටහන් වූයේ සියයට 6 යි දශම 1 ක් ලෙසයි.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE