Hirunews Logo
%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
Tuesday, 05 December 2017 - 8:56
වැඩි මිලට පොල් අලෙවි කළොත් අල්ලයි
385

Views
වෙළදපොළේ ඉහළ ගොස් ඇති පොල් සඳහා පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 75ක පාලන මිලක් යටතේ මින් ඉදිරියට වෙළදසැල් හිමියන් පොල් අලෙවි කළ යුතු වනවා.

දැනට වෙළදපොළේ පොල් ගෙඩියක් රුපියල් 90ත්, 100ත් අතර මිලකට අලෙවි වන අතර රජයේ පාලන මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළදසැල් සොයා පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ද ආරම්භ කර ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE