පොහොර හිඟයට හේතුව බෙදීමේ අවුලක්

Friday, 08 December 2017 - 19:23

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
රට තුළ පොහොර හිඟයක් මතු වී ඇත්තේ බෙදා හැරීමේ යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු නිසා බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේ අද පැවැති මාධ්‍ය හමුවකදී රටේ පොහොර හිඟයක් පවතින බවට කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමින්.