ඍජු විදේශීය ආයෝජන වලින් චීනය ඉදිරියෙන්

Saturday, 09 December 2017 - 13:13

%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සැලකූ විට මෙරට ඍජු විදේශීය ආයෝජන අතුරෙන් ඉදිරියෙන් සිටින්නේ චීනයයි.

චීනය මුළු විදේශීය ආයෝජනවලින් සියයට 35ක් සිදුකර ඇති අතර, මේ වසර තුළ දී ඇමරිකානු ඩොලර් බිලියන 1.36ක ආයෝජන සිදුකරනු ඇතැයි අපේක්ෂිතයි.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ලැබී ඇති ඍජු විදේශීය ආයෝජනවල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 795.5ක් වන අතර, ඉන් සියයට 35ක් චීනයෙනුත්, සියයට 14.4ක් ඉන්දියානුවෙනුත් ලැබී ඇති අතර, සිංගප්පූරුව, මෙරට සිදුකළ ඍජු විදේශ ආයෝජනවල ප්‍රතිශතය සියයට 9.3ක්.

මෙරට වැඩිම ඍජු විදේශ ආයෝජන සිදුකර ඇති අනෙකුත් රටවල් වන්නේ නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, ජපානය, මැලේසියාව, ස්වීඩනය සහ  ඕස්ට්‍රේලියාවයි.