Hirunews Logo
%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+-+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA
Wednesday, 10 January 2018 - 9:09
සාකච්ඡාවකට ඇමති පොරොන්දු වුණා - ගොවිජන සම්මේලනය
150

Views
උක් වගාවේ නිරත ගොවීන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ ඊට අදාළ බලධාරින් සම්බන්ධ සාකච්ඡාවක් ලබාදීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා පොරොන්දු වූ බව ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) දිනෙය්දී උක් ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යාංශයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර ප්‍රමාණවත් පරිදි පොහොර තොග නොලැබීම නිසා ඊයේ දිනයේත් ප්‍රදේශ කිහිපයක ගොවීන් අපහසුතාවට පත්වුණා.

මැදිරිගිරිය ගොවිජන සේවා කාර්යාලය සඳහා පොහොර මිටි 1000 ක පමණ ප්‍රමාණයක් ලැබී තිබූ අතර, එක් අයෙකුට පොහොර මිටි 02 බැගින් නිකුත් කිරීමට නිලධාරින් කටයුතු කර තිබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE