Hirunews Logo
OPPO+F5+%27Capture+the+real+you%27+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%84%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
Thursday, 11 January 2018 - 19:43
OPPO F5 'Capture the real you' මාදිලිය දීපිකෝ පදුකෝන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා සමඟින් එළිදකී
238

Views
OPPO සිය නවතම දුරකථන මාදිලිය වන F5 වෙනුවෙන් 'Capture the real you' තේමාව යටතේ  දීපිකෝ පදුකෝන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රඟන නවතම රූපවාහිනී දැන්වීමක් එලිදැැක්වීමට කටයුතු කළා.  

ඓතිහාසික බලකොටු, ඉපැරණි ගොඩනැගිලි, පාලම් සහ ගල්ඇතූරු මංමාවත් සහිත අලංකාර නගරයක සුන්දර දසුන් පෙළක් සමගින් යෞව්වනයේ කෙළිලොල් බව සහ සොඳුරු බව නිරූපණය වන අන්දමින් මෙම රූපවාහිනී දැන්වීම නිමකිරීමට OPPO සමත්වී ඇත.

OPPO යනු කවදත් සිය පාරිභෝගිකයන්ට අලංකාර Selfie ඡායාරූප ගැනීම සඳහා අවස්ථාව ලබාදීම කෙරෙහි උනන්දු වූ සමාගමකි.

සුපැහැදිලි Selfie ඡායාරූප ගන්නා අතරම ඒවා හැකිතාක් ස්වාභාවික අයුරින් අලංකාර වනු දැකීම කාගේත් අපේක්ෂාවයි.

මෙසේ කෙනෙකුගේ සැබෑම සුන්දරත්වය ඡායාරූපයට නැගීම සඳහා OPPO සතු හැකියාව 'Capture the real you' යන තේමා පාඨයෙන් අදහස් වේ.

මෙම නව රූපවාහිනී දැන්වීමට පසුබිම් වී ඇත්තේ චෙක් ජනරජයේ (Czech Republic) සුන්දර ප්‍රාග් (Prague) නගරයයි.

OPPO රූපවාහිනී දැන්වීමකට යුරෝපීය නගරයක් යොදාගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එදිනෙදා ජීවිතයේ් සොඳුරු නිමේෂයන් සහ චමත්කාර දසුන් ඡායාරූපගත කිරීමට නිරතරතූරු ප්‍රියකරන තරුණ පරපුර ඉලක්ක කරගෙන මෙම රූපවාහිනී දැන්වීම නිර්මාණය වී ඇත.

‘‘ප්‍රාග්" (Prague)  යනු දිගු ඉතිහාසයක් සහිත සුන්දර නගරයක්. එහි කරුණාවන්ත හා දයාබර මිනිසුන් ජීවත් වෙනවා.

එමෙන්ම ප්‍රාග් නගරය යනු ආදර කථා රැසකට පසුබිම් වූ නගරයක් යයි කිවහොත් එහි වරදක් නැහැ.

නිල්වන් අහසින් සපිරුන ප්‍රාග්  (Prague) ඓතිහාසික නගර කේන්ද්‍රයට අලංකාර මල් වලින් පිරි පසුබිමක් එකතු කරමින් අතිශය විචිත්‍ර දර්ශන පෙළක් ලැබෙන ආකාරයට අප මේ දැන්වීම නිර්මාණය කළා.” OPPO සමාගමේ ප්‍රකාශකයෙකු පැවසී ය.

දැන්වීම ආරම්භ වන්නේ 15 වන සියවසේදී Vltava නදිය තරණය කිරීම සඳහා ඉදිකරන ලද සුප්‍රකට Charles පාලම මතිනි.

පසුබිමින් ප්‍රාග් මාලිගය, Powder Tower සහ ශාන්ත නිකලස් පල්ලියේ සුප්‍රසිද්ධ ගෝලාර්ධ පියස්සද දිස්වේ.

Tom Hillock  විසින් නිර්මාණය කරන ලද ‘Sunshine Smile’  පසුබිම් වාදනය මෙම රූපවාහිනී දැන්වීමට යොදාගෙන ඇත.

මෙම සංගීතයේ සජීවී බව සහ ආනන්දනීය බව නිසා එය මෙම දැන්වීම සඳහා තෝරාගන්නා ලදි.

මෙම නව දැන්වීමේ දසුන් පෙළ සහ එමගින් සන්නිවේදනය කෙරෙන පණිවිඩය තරුණ පරපුරට බෙහෙවින් සමීප වී ඇති බව, ඒ සඳහා ලැබී ඇති ප්‍රතිචාර වලින් පෙනී යයි. දැනටමත් එය Youtube views මිලියන 20 ඉක්මවා ඇති අතර Facebook views  මිලියන 14 ඉක්මවා තිබේ.

‘‘මෙම දැන්වීමේ නිරූපිත කෙළිලොල් බව මෙන්ම එහි කන්කලූ සංගීතයද නරඹන්නන්ගේ නෙත්සිත් වසඟ කර ඇති බව පෙනෙනවා.

ප්‍රතිමාව ඇතූළු දර්ශනය රූපගත කරද්දී ඔහු පිටපතේ නොමැති ආකාරයට චලනය වෙන්නට පටන් ගත්තා.

ඒ වගේම ඔහු දීපිකා අතට රෝස මලක් ලබාදී ආචාර කළා. එය දීපිකා ඇතුළු සියලූ දෙනාවම පුදුම කළ අවස්ථාවක්. එම අවස්ථාව ඉතාමත් තාත්වික ලෙස දැන්වීමේ පෙනෙන්නේ ඒ නිසයි.” OPPO සමාගමේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසී ය.

මෙම රූපවාහිනී දැන්වීම නිර්මාණය කරන ලද්දේ චීනයේ ෂැංහයි නගරය පදනම් කරගත් MT Media සමාගම විසිනි.

Dior සහ Vogue  රූපවාහිනී දැන්වීම් අධ්‍යක්ෂණය කර කීර්තියක් දිනා සිටින ප්‍රංශ ජාතික තරුණ අධ්‍යක්ෂවරයෙකු වන Noe විසින් මෙය අධ්‍යක්ෂණය කරන ලදි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE