පොල් මිල පහළට ?

Monday, 15 January 2018 - 8:20

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%3F
වෙළදපොලේ ඉහළ ගිය පොල් මිල පොල් මද ආනයනයත් සමග පහළ වැටෙනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

ප්‍රති අපනයන ක්‍රියාවලිය සදහා පොල් මද මෙරටට ගෙන්වීමත් සමඟ කර්මාන්ත සදහා යොදවන පොල් මද කිලෝවක මිල රුපියල් 120 සිට 100 දක්වා පහළ වැටී ඇති බවයි එම අධිකාරිය කියා සිටියේ.

මේ සතියේ සිට දිවයින පුරා පිහිටි පොල් මද ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලා 200කට ආසන්න ප්‍රමාණයකට සතියකට බහාලුම් 02 ක බැගින් පොල්මද ආනයනය කිරිමට අවසර ලබාදී තිබෙනවා.