කිතුල් පැණි මිල ඉහළට

Monday, 15 January 2018 - 13:43

%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් වෙළඳපොලේ කිතුල් පැණි මිල ඉහළ යමින් පවතිනවා.  

රුපියල් 650 ක්ව පැවති කිතුල් පැණි බෝතලයක මිල මේ වනවිට රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇති බවයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

කිතුල්පැණි නිෂ්පාදනය නව තාක්ෂණය යටතේ සිදුකිරීමට නිෂ්පාදකයන්ට අවශ්‍ය පුහුණුව ලබාදී තිබීම හේතුවෙන් වෙළඳපොලට කිතුල් පැණි අඛන්ඩව ලැබෙමින් පවතිනවා.

එහෙත් උත්සව සමයට සමගාමීව මෙම මිල ගණන් ඉහළ යමින් පවතින බවයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.