ලංකා සීනි සමාගම ලාභ ලබයි

Sunday, 21 January 2018 - 13:38

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B7+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
මෙතෙක් පාඩු පිට පවත්වාගෙන ගිය ලංකා සීනි සමාගම මේ වනවිට වාර්ෂිකව රුපියල් බිලියනය ඉක්මවූ ලාභයක් වාර්තා කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

2015 වසරේදී පාඩු ලබමින් පැවති ලංකා සීනි සමාගමේ සෙවණගල හා පැල්වත්ත ඒකකයන් හි උක් ගොවීන්ට සහ සේවා සැපයීම්කරුවන්ට මුදල් ගෙවිය නොහැකි තත්ත්වයක්ද පැවතුනා.

 එහෙත් 2016 වසරේදී සීනි මෙටි‍්‍රක් ටොන් 51,422 ක් නිෂ්පාදනය කළ ලංකා සීනි සමාගම රුපියල් බිලියන 4 කට අධික ආදායමක් ලබාගැනීමට සමත්වුණා.

 ඉන් රුපියල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් ලාභාංශ ලෙස සැළකිය හැකි බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

2017 වසරේ සීනි නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 42,841ක් වූ අතර, ආදායම රුපියල් බිලියන 4.6 ඉක්මවූවා.

මේ නිසා සීනි සමාගමේ පසුගිය වසරේ ලාභාංශය රුපියල් බිලියන 1.17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.