එළවළු මිල ගණන් පහතට

Wednesday, 24 January 2018 - 12:27

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
පසුගිය සතියට සාපේක්ෂව සියයට 50 කින් පමණ එළවළු මිල ගණන් වල අඩුවීමක් දක්නට ලැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.

එහි වෙළඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල කියා සිටියේ දිවයින පුරා පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු වැඩි වශයෙන් ලැබීම මෙලෙස මිල පහළ යාමට හේතු වී ඇති බවයි.

රුපියල් 600ක්ව පැවති අමු මිරිස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 40 ක් දක්වා පහත වැටී තිබෙනවා.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 60 ක් දක්වා අඩු වී ඇති අතර, ගෝවා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 25 ක් ලෙසයි.

මේ අතර, මෙරටට සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එහි සභාපති බී.කේ.රංජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ දිනවල වී අස්වනු වැඩි වශයෙන් ලැබීම හේතුවෙන් මේ වනවිට නාඩු සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 15 කින් පමණ පහළ බැස ඇති බවයි.