වියලි කාලගුණයෙන් අමු තේ දළු සහ වී වගාවට හානි

Monday, 19 February 2018 - 12:38

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් අමු තේ දළු අස්වැන්න සියයට 20 කින් පමණ පහත වැටී තිබෙනවා.

තේ කම්හල්වලට ලැබෙන අමු තේ දළු ප්‍රමාණය අඩුවීමත් සමග ඒ ආශ්‍රිත නිෂ්පාදනවල පහත වැටීමක් ද දක්නට ලැබෙන බවයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසන්නේ.

එමෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයට මාස 3 ක කාලයක් පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් කුඹුරු අක්කර 20,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

වැල්ලවාය, බුත්තල ඇතුලූ ප්‍රදේශ කිහිපයක බඩ ඉරිඟු, අමු මිරිස්, බණ්ඩක්කා, මෑකරල් සහ පතෝල වැනි එළවළු වගාවන්ටද වියලි කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.