OPPO Dashing Blue හඳුන්වාදීමට සමගාමීව රසික රසිකාවියන්ට ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාවක් (ඡායාරූප)

Friday, 23 February 2018 - 16:08

OPPO+Dashing+Blue+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B7%80+%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B6%BD%E0%B7%9D+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
OPPO Dashing Blue හඳුන්වාදීමට සමගාමීව රසික රසිකාවියන්ට OPPO සන්නාම තානාපති ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාවක් උදාකර දීමට OPPO සමාගම පසුගියදා කටයුතු කළේ ය.

මෙම අවස්ථාවට සංගීතය, විලාසිතා දැක්මක් සහ Selfie Zone ඇතුළුව විනෝදාස්වාදය සපිරි තවත් විශේෂාංග රාශියක් ඇතුළත් වී තිබිණි.

එමෙන්ම මෙහිදී OPPO Sri Lanka සමාගමේ නිෂ්පාදන කළමනාකරු සඳුන් ගමගේ මහතා OPPO F5 Dashing Blue දුරකථනයේ ඇතුළත් විශේෂාංග හඳුන්වා දුන් අතර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා විසින් ඇන්ජලෝ මැතිව්ස් වෙත OPPO F5 Dashing Blue දුරකථනයක් පිළිගන්වන ලදි.

තවද එදින OPPO F5 Dashing Blue දුරකථන මිලදීගත් ප්‍රථම පාරිභෝගිකයන් 5 දෙනාට ඇන්ජලෝ මැතිව්ස්ගේ අත්සන සහිත විශේෂ ඇසුරුම් සමගින් එම දුරකථන හිමිවූ අතර විශේෂ තෑගි කට්ටලය බැගින්ද ඔවුන් වෙත පිරිනැමිණි.

OPPO යනු සෑම විටම තරුණ පරපුරේ අවශ්‍යතාවන් වටහාගෙන, එම අවශ්‍යතාවන්ට ගැළපෙන නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වාදෙන සමාගමක්. මෙම පාරිභෝගිකයන්ට ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නවීනතම තාක්ෂණික විශේෂාංග වලට අමතරව ඉතාමත්ම අලංකාර දුරකථනයක් ලබාදීම සඳහා අප OPPO F5 Dashing Blue දුරකථනය හඳුන්වා දුන්නා. මෙය ඔවුන්ගේ අනන්‍යතාව සමග මනාව ගැළපෙන විලාසිතාවක් බවට පත්වන දුරකථනයක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” බොබ් ලී මහතා පැවසී ය.

දිදුලන නිල් වර්ණයකින් අලංකාර වී ඇති OPPO F5 Dashing Blue දුරකථනය විශේෂයෙන්ම හිරු එළියේදී කාන්තිමත් ලෙස දිස්වේ.

සාමාන්‍ය දුරකථන අතර බෙහෙවින් කැපීපෙනෙන මෙම දුරකථනය, එහි හිමිකරු හෝ හිමිකාරියගේ රසඥතාව පිළිබඳ මනා ප්‍රකාශනයක්ද වනු නිසැක ය.

ඡායාරූප වඩාත් විශිෂ්ට ලෙස අලංකාර කිරීම සඳහාම OPPO විසින් හඳුන්වා දෙන ලද A. I. Beauty Recognition තාක්ෂණය මෙම නව මාදිලියේද ඇතුළත් වේ.

ලොව විවිධාකාරයේ පුද්ගලයන්ගේ මුහුණු සම්බන්ධ දත්ත ගබඩාවකින් දත්ත ලබාගෙන ඡායාරූප අලංකාර කිරීමේ හැකියාව මෙම තාක්ෂණය සතු ය.

මෙම තාක්ෂණය නිර්මාණය කළ කාලසීමාවේදී OPPO විසින් ඒ සඳහා වෘත්තීය ඡායාරූප ශිල්පීන් හා අංගරචනා ශිල්පීන් රැසකගේ අදහස් විමසන ලදි.

ඔවුන්ගේ අදහස් යෝජනා, මෙම තාක්ෂණය ඔස්සේ ඡායාරූප වඩාත් ස්වාභාවික ලෙස අලංකාර කිරීමට උපකාරී වී තිබේ.

#OPPODashingBlue #Capturetherealyou සමග OPPO නිල ෆෙස්බුක් පිටුවේ සෙල්ෆි සහ සමූහ සෙල්ෆි ඡායාරූප පළකළ අය අතරින් තෝරාගන්නා ලද වාසනාවන්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට තෑගි කට්ටල පිරිනැමීමද OPPO Sri Lanka වෙතින් මෙහිදී සිදුකෙරිණි.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"