Hirunews Logo
%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Sunday, 11 March 2018 - 8:28
රුපියල පහළට
411

Views
ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා පැවති ඉල්ලූම අපනයනකරුවන් සහ බැංකු ඩොලර් විකිණීම අභිබවා යාම හේතුවෙන් රුපියලේ අගය පහත වැටීමක් සති අන්තය වනවිට දක්නට ලැබුණා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වනවිට සටහන් වන්නේ රුපියල් 155 යි ශත 50 ක් ලෙසයි.

එය පසුගිය පෙබරවාරි 14 වනදා ඩොලරයක් සඳහා රුපියල් 155.90 ක්  ලෙස වාර්තාගත අන්දමින් පහත වැටුණා.

මේ වසරේ මේ වනවිට රුපියලේ අගය සියයට 1.3 කින් පහත වැටී තිබෙනවා.

පසුගිය වසරේදී සියයට 2.5 කින් පහත වැටුනු රුපියල 2016 වසරේදී සටහන් කළේ සියයට 3.9 ක අපගමනයක්.

සිංහල - හින්දු අලූත් අවුරුදු සමයේදී ආනයන සඳහා ඇමරිකානු ඩොලරයට පවතින ඉල්ලූම තවදුරටත් ඉහළ යා හැකියි.

මේ නිසා රුපියලේ අගය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

රජය විසින් මේ වසරේදී විශාල ණය වාරිකයක් ගෙවීමට සිදුවීමද රුපියලේ අගය කෙරෙහි බලපාන කරුණක්.

මේ වසරේදී රජයට රුපියල් ටි‍්‍රලියන 1.97 ක ණය වාරික ගෙවීමට සිදුව තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE