කොළඹ වරායේ ඉලක්ක එළි දකී

Sunday, 18 March 2018 - 8:10

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
කොළඹ වරාය මගින් මේ වසරේදී බහලූ මිලියන 7 ක් හැසිරවීමට අපේක්ෂා කරන බව වරාය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

2017 වසරේදී ප්‍රතිඅපනයන ඇතුලූව කොළඹ වරායේ පර්යන්ත තුන මගින් හැසිරවූ බහලූ ප්‍රමාණය මිලියන 6.2 ක්. එහි සියයට 12.9 ක වර්ධනයක් මේ වසරේදී අපේක්ෂා කෙරෙනවා.

කොළඹ වරායේ ජය බහලූ පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය මෙන්ම චීනයේ සීඑම් පෝට් මගින් මෙහෙයවන කොළඹ ජාත්‍යන්තර බහලූ පර්යන්තය එක්ව ඒ සඳහා ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතයි.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී දැනටමත් කොළඹ වරායේ බහලූ හැසිරවීම්වල වර්ධනයක් වාර්තාවී තිබෙනවා.

කොළඹ වරායේ බහලූ හැසිරවීම් ජනවාරි මාසයේදී සියයට 16.4 කින් වර්ධනය වී ඇති අතර, පෙබරවාරි මාසයේදී සියයට 19.9 ක වර්ධනයක් පෙන්නුම් කළා.