වසර 16කින් අඩුම ආර්ථික වර්ධන වේගය 2017දී

Saturday, 24 March 2018 - 13:20

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+16%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+2017%E0%B6%AF%E0%B7%93
පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක් වාර්තා කළා.

ජනවාරි සිට දෙසැම්බර් දක්වා 2017 වසරේ දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 9315ක් වන අතර, කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා සහ බදු අංශ ඊට වැඩි දායකත්වයක් එක් කළා.

2017 වසරේදී මෙරට කර්මාන්ත අංශය සියයට 3.9කින් ද, සේවා අංශය සියයට 3.2කින් ද, වර්ධනය වී ඇති අතර, කෘෂිකර්ම ක්ෂේත්‍ර සියයට 0.8කින් අපගමනය වී තිබෙනවා.