Hirunews Logo
%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 15 April 2018 - 14:30
රන් මිලේ ඉහළ යාමක්
536

Views
මැදපෙරදිග උණුසුම්කාරී වාතාවරණය ඇතුලු ගෝලීය ප්‍රවණතාවන් හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් මේ වනවිට දක්නට ලැබෙනවා.

රන් අවුන්සයක මිල සති අන්තයේදී ඇමරිකානු ඩොලර් 1345 ක් ලෙස සටහන් වුණා.

රන් මෙන්ම ලෝක වෙළඳපොලේ රිදී මිලද ඉහළ ගොස් ඇති අතර, නිව්යෝක් වෙළඳපොලේ රිදී අවුන්සයක මිල සටහන් වූයේ 16.63 ක් ලෙසයි.

මේ අතර 2018 වසර තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1450ක් දක්වා ඉහළ යා හැකි බව බුලියන් - වෝල්ට් රන් වෙළඳපොල ආයෝජන සේවාවේ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

කෙසේ නමුත් අප්‍රේල් සිට ජූලි දක්වා වසරේ දෙවන කාර්තුවේදී එම මිල රන් අවුන්සයකට ඇමරිකානු ඩොලර් 1290 සිට 1360 දක්වා විචලනය වනු ඇති.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE