දඹුල්ලේ එළවළු එක් රැස්වේ

Tuesday, 17 April 2018 - 19:34

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු වෙළඳුන්ගේ පැමිණීම අඩුවී ඇති නිසා දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩගැසී ඇති බව එහි කළමනාකරණ භාරය සඳහන් කරනවා.

ගොවීන් අඛන්ඩව එළවළු රැගෙන ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන අතර, ඒවා මිලට ගැනීමට වෙළඳුන් නොමැතිවීම ගැටළු සහගත බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම තත්වය පහව යෑමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය කියා සිටියා.