යළ කන්නයට මිලියන 47 ක්

Friday, 18 May 2018 - 13:12

%E0%B6%BA%E0%B7%85+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+47+%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ යළ කන්නයේදී ලොකු ළුෑණු වගා කරන ගොවීන්ගෙන් බීජ ළුෑණු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 47 ක් වෙන් කර තිබෙනවා.

ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

ලොකු ළුෑණු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට රුපියල් 9000 ක මුදලකුත් රුපියල් 40,000 ක රක්ෂණාවරණයක් සහ පොහොර සහනාධාරයක් ලබාදීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එමෙන්ම, ලොකුළුෑණු බීජ කිලෝග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.