ශ්‍රී ලංකාව ගැන චීනයේ අරමුණ

Saturday, 19 May 2018 - 13:41

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB
ශ්‍රී ලංකාව - නව සේද මාර්ගයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම චීනයේ අරමුණ බව එරට වාණිජ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඩියාවෝ වෙයිහොං ප්‍රකාශ කළා.

වන් බෙල්ට් - වන් රෝඩ් හෙවත් එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රමෝපාය කේන්ද්‍රයක් බව ඔහු ප්‍රකාශ කළේ ගුවන් ෂි, නිෂ්පාදන ප්‍රදර්ශනය කොළඹ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සහ චීනයේ ගුවන් ෂි ප්‍රාන්තය අතර සබඳතා වසර 2000ක් පමණ දුරාතීතයට ඇදී යන බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළඳාම පසුගිය පස් වසර තුළ ඩොලර් බිලියන 4.4 දක්වා සියයට 46කින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ මෙරට සිදුකළ ඍජු විදේශීය ආයෝජන වලින් සියයට 32ක්ම චීන ආයෝජනයි.