වර්ෂාවෙන් ලුණු කර්මාන්තයට බලපෑම්

Sunday, 27 May 2018 - 19:11

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් ලුණු කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව කර්මාන්තකරුවන් පවසනවා.

පුත්තලම, සෝල්ටන්, ආනකුත්තුව, සේවන්තිව් සහ මනතිව් ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස ලුණු නිෂ්පාදනය අඩාල වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ලුණු ලේවා වෙත ජලය පිරී පැවතීම සහ නිෂ්පාදනය කර තිබූ ලුණු වැස්සට දිය වී යාම නිසාවෙන් කර්මාන්තකරුවන් මෙසේ අපහසුතා රැසකට මුහුණ දී තිබෙනවා.