රුපියල ප්‍රකෘතිමත් වෙයි

Saturday, 23 June 2018 - 13:12

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වූ රුපියලේ අගය ඊයේ යළි ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා.

අපනයනකරුවන් ඩොලර් අලෙවි කිරීම, ආනයන කටයුතු සඳහා පැවැති ඉල්ලූම අභිබවා යාම ඊට හේතුවයි.

චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම හම්බන්තොට වරාය ගිවිසුමේ ඩොලර් මිලියන 584ක් වූ අවසන් ණය වාරිකය ලබාදීම ද මෙරට මූල්‍ය වෙළඳපොළ ශක්තිමත්වීමට හේතුවක්.

ඒ අනුව රුපියලේ අගය ඊයේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 158යි ශත 60ක් ලෙස සටහන් වුණා.

මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 160යි ශත 92ක් ලෙසයි.