යල කන්නයේ වී වගාව ඉහළට

Monday, 25 June 2018 - 13:20

%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
2018 යල කන්නයේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 538,399 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙවර කුඹුරු හෙක්ටයාර ලක්ෂ 2 කට ආසන්න ප්‍රමාණයක් වගා කිරීමට සැළසුම් කර තිබුණද දිවයිනේ ප්‍රදේශ බොහොමයකට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ හේතුවෙන් ගොවීන්ට පොහොර සහනාධාරය වශයෙන් ලබාදෙන පොහොර ප්‍රමාණයද  කිසිදු හිඟයකින් තොරව ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.