කොටස් වෙළඳපොළ මිල දර්ශක පහතට

Tuesday, 10 July 2018 - 7:49

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ (09) තවදුරටත් පහත වැටුණු අතර, වෙළදපොළ පිරිවැටුම ද රුපියල් මිලියන 155කට සීමා වුණා.

සමස්ත දර්ශකය 6000සේ සීමාවට වඩා පහත වැටීමේ අවදානමක් ද මතු වී ඇති අතර, ඊයේ එය සටහන් වූයේ 6077.32ක් ලෙසයි.

කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යම් ස්ථාවරවීමක් ඊයේ දක්නට ලැබුණු අතර, ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 159යි ශත 30ක් ලෙසයි.