ගෝල්ඩන් ඔයිල් නමින් සුපතල සුදුහඳුන් තෙල් සමඟන් චන්දනාලේප හර්බල් ක්‍රීම් වේගවත් ඉදිරි පිම්මක්

Tuesday, 17 July 2018 - 17:56

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%94%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%9A%E0%B6%B4+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A++%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගෝල්ඩන් ඔයිල් නමින් රූපලාවණ්‍ය වෙළඳපොලේ සුපතල පිරිසිදු සුදුහඳුන් තෙල් අන්තර්ගත කරමින් චන්දනාලේප හර්බල් ක්‍රීම් වඩාත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයක් ලෙසින් වෙළඳපලට ඉදිරිපත් කරන ලදී.

සම පැහැපත් කිරීමට ප්‍රත්‍යක්ෂ α‐සන්ටලෝල්  සහ β‐සැන්ටලෝල් වලින් සපිරි සුගන්ධ සුදු හඳුන් තෙල්, සම පැහැපත් කිරීමට අමතරව සමෙහි ලප කැළැල් , කළු වීම්,දුර්වර්ණවීම් දුරු කිරීමටත් සම පෝෂණය කර සම නිරෝගමත් කිරීමටත් සමත්ය.

ජොජෝබා තෙල් 1ක්  ආමන්ඩ් තෙල් 1ක්  ඔලිව් තෙල් 1ක්  සුදුහඳුන් තෙල් 1ක්  රු.9000/‐ රු.3500/‐ රු.1400/‐ රු.200,000/‐ පිරිසිදු සුදුහඳුන් තෙල් ලීටරයක් රුපියල් ලක්‍ෂ දෙකක් (200,000)ක පමණ අධික වටිනාකමකින් යුක්තය.

ජොජෝබා තෙල් ලීටරයක් රුපියල් නවදාහක්(රු.900ක්) ආමන්ඩ් තෙල් ලීටරයක් රුපියල් තුන්දහස් පන්සියයක (රු.3500ක්) සහ ඔලිව් තෙල් ලීටරයක් රුපියල් එක්දාසහාරසීයක් (රු.1400ක්) ද වන විට පිරිසිදු සුදුහඳුන් තෙල් ලීටරයක් රුපියල් ලක්‍ෂ දෙකක් තරම් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, සුදුහඳුන් ගසක් පරිණතව වර්ධනය වීම සඳහා අවුරුදු 15 පමණ කාලයක් ගත වන නිසාත්  එවැනි පරිණත ගසකින් සුදුහඳුන් තෙල් ලබා ගත හැක්කේ  2% - 5% වැනි සුළු ප්‍රමාණයක් වීමත් නිසාය.

ඉතිහාසයේ සිටම ඉන්දියානු සුරූපිනියන් එතරම් රූපශ්‍රීයෙන් අගතැන්පත් වීමට සුපිරිසිදු සුදුහඳුන් තෙල් භාවිතය හේතු වී ඇති බවට පොත පතෙහි සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම ආයුර්වේද  රූපලාවණ්‍ය නිෂ්පාදකයා ලෙස කීර්තියක් උසුලන \"වේයන්ගොඩ සංජීවක\" ආයුර්වේද නිෂ්පාදන සමාගම වෙතින් පමණක්ම වෙළඳපලට ඉදිරිපත් වන \"චන්දනාලේප හර්බල්  ක්‍රීම්\" වල කිසිම කෘත්‍රිම කල තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොවීම ලෝක වෙළඳපොලේ රූපලාවණ්‍ය නිෂ්පාදකයන පවා මවිතයට පත් කරවන කාරණාවක් බවට පත්ව ඇත.

චන්දනාලේප, තාරුණ්‍යයට පා තැබ ූ සැමට දිව්‍යමය ඖෂධයකි.තාරුණ්‍යයේදී ආලේප කිරීම විවාහයේදී ප්‍රතිමුර්තියක් බවට පත්වෙයි.

පිරිසිදු සුදුහඳුන් තෙල් අනුසාරයෙන් ඔබ වෙතට එන චන්දනාලේප හර්බල් ක්‍රීම් මන බඳ ිනා නව ඇසුරුමකින්ද වෙළඳපොලට එන්නේ චන්දනාලේප නාමයට සමාන ව්‍යාජ අනුකරණ වලන්  පාරිභෝගික ඔබව තව තවත් ආරක්‍ෂා කර ගැනීමේ පියවරක් ලෙසිනි.

වසර 24 මුළුල්ලේ විශ්වාසනීය ගමනක් පැමිණි වේයන්ගොඩ සන්ජිවක ආයුර්වේද නිෂ්පාදන සමාගම පාරිභෝගික ජනතාවගේ රූ සපුව මෙන්ම ජීවිතද ලස්සන ඉදිරියට යාම ඔවුන්ගේ බලාපොරොත්තුව බව පැවසීය.

තවද චන්දනාලේප මිළදී ගන්නා විට එය වේයන්ගොඩ සංජීවක ආයුර්වේද නිෂ්පාදන සමාගම ගෙනෙන ”ඔරිජිනල් ̃ චන්දනාලේප නිෂ්පාදනය දැයි පරීක්‍ෂා කර බලා මිළදී ගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ආයතනය වෙනුවෙන් එහි ප්‍රකාශකයෙක්  අප හට පැවසීය.