Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B7%86%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 07 September 2018 - 9:32
ශ්‍රී ලංකාවේ දැවැන්තම සෞඛ්‍යය රක්ෂණාවරණය සමඟින් සොෆ්ට්ලොජික් ලයිෆ් අලුත් ගමනකට සැරසෙයි
1

Shares
120

Views
ශ්‍රී  ලංකාවේ  අංක  එකේ  සෞඛ්‍යය  රක්‍ෂණ සමාගම  වශයෙන්  ජනතාවගේ  ජීවන  තත්වය උසස්  මට්ටමකට ගෙන ඒමට නිරන්තරයෙන්  කටයුතු  කරන  සොෆ්ට්ලොජික්  ලයිෆ්  ජීවිත රක්‍ෂණ  සමාගම  සිය  නවතම  සෞඛ්‍ය  රක්‍ෂණ ආවරණය  පසුගියදා  එළිදැක්විය.

Softlogic Life Premier Health Benefit  ලෙස  නම්  කර  ඇති  මෙම  රක්ෂණාවරණය වාර්ෂිකව රුපියල් මිලියන  50  ක්  දක්වා  ආවරණයක්  ලබාදෙන  ශ්‍රී  ලංකාවේ  එකම  සහ  විශාලතම  සෞඛ්‍ය රක්ෂණ සැලසුමයි.

සොෆ්ට්ලොජික් ලයිෆ්  නවතම  සෞඛ්‍යය  රක්‍ෂණ  ආවරණය  මඟින් ඕනෑම අයෙකු  හෝ  පවුලක් සඳහා විදේශ රටක දී රෝහල්ගතවීමට මුදල් රහිත රක්‍ෂණ හිමිකම් ගෙවීමේ සේවාවක් සපයයි.

තවද මෙම මුදල් රහිත රක්ෂණ හිමිකම් ගෙවීමේ හැකියාව මඟින් සොෆ්ට්ලොජික් සමූහයට අයත් දිවයින පුරා පිහිටි රෝහල්  60  කට අධික  රෝහල් සංඛ්‍යාවක් ආවරණය වේ.

රෝහල්ගත  කිරීමේදී  ලැබෙන  ප්‍රතිලාභ  වලට  ඇතුළත්  රෝහල්  දෛනික  ප්‍රතිලාභ  වලට අමතරව Premier සෞඛ්‍ය  ප්‍රතිලාභය මගින් ශ්‍රී ලංකාව තුළ  සිදු කරන දන්ත ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍ය  උපදෙස්  ලැබීම්  හා දන්ත සැත්කම් වෙනුවෙන්  වැය  වන  වියදම්, අක්ෂි  ප්‍රතිකාර වෙනුවෙන්  වැයවන වියදම් පරීක්ෂා කිරීම්, කාච, ඇස්කණ්නාඩි  ගාස්තු ආදිය, ඖෂධ  මිලදී ගැනීම වෙනුවෙන් වැයවන වියදම් සහ රෝග පරීක්ෂා කිරීම් වෙනුවෙන් වැය වන වියදම් මේ මගින් ආවරණය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් කළමණාකාර අධ්‍යක්‍ෂ  ඉෆ්තිකාර් අහමඩ් පැවසුවේ සොෆට්ලොජික් ලයිෆ්    ආයතනයට අවශ්‍ය    වන්නේ ලාංකීය ජනතාවගේ    ජීවිතයේ ගුණාත්මකභාවය වෙනුවෙන් ක්‍රියා කරන සහකරුවෙක් ලෙස ඔවුන්ට අවශ්‍ය ජීවන රටාව තෝරාගැනීමට අවස්ථා රැසක්  සැපයීම  බවයි.ඒ  සඳහා විවිධ ජීවිත රක්‍ෂණ ආවරණ අප විසින්  ඉදිරිපත්  කරමින්  ඔවුන්ට  අවශ්‍ය  ජීවන  රටාව  තෝරා  ගැනීමට අවශ්‍ය ශක්තිය හා රැකවරණය ලබාදෙන අතර  එවැනි  විශ්වාසනීය සේවාවක් දියහැකි එකම සමාගම අප පමණි.
 
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ  ,කිසිදු විවාදයකින් තොරව ශ්‍රී ලංකාවේ ඉහළම ජනතා ප්‍රසාදය ඇති ජීවිත රක්‍ෂණ සමාගම  බවට පත්වීමට ශ්‍රී  ලංකාවේ වැඩිම සෞඛ්‍යාවරණය වන මිලියන 50  ක  අපගේ  නවතම රක්‍ෂණ ආවරණය වන Softlogic Life Premier සෞඛ්‍ය ප්‍රතිලාභය මහඟු පිටුවහලක් වන බවයි
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE