Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 07 September 2018 - 13:30
සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්
117

Views
දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී දෙලක්ෂ තුන්සිය පනස් නවයක් ලෙස සියයට 5 කින් වර්ධනය වී තිබෙනවා.

එහිදී වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, චීනය සහ එක්සත් රාජධානිය දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.

අගෝස්තු 31 වනදා දක්වා වසරේ මුල් මාස 8 සැලකූ විට ශ්‍රී ලංකාවට සංචාරකයන් පහලොස් ලක්ෂ 82,835 ක් පැමිණ ඇති අතර, එය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 12 යි දශම 5 ක වර්ධනයක්.

ඉන් වැඩිම පිරිසක් එනම් සියයට 47 ක් ආසියා පැසිෆික් කලාපයෙන් ද, සියයට 41 ක් යුරෝපයෙන් ද පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE