රැකියා උත්පාදනයට කෝටි 5000ක්

Wednesday, 17 October 2018 - 8:37

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5000%E0%B6%9A%E0%B7%8A
වසරකට රුපියල් කෝටි 5000ක් වෙන් කරමින් රැකියා උත්පාදනය කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජාතික ආර්ථික සභාවේ යෝජනාවක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් මෙරට සේවා නියුක්තිය කෙටි කාලසීමාවක් තුළ ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

මේ අතර, සියළු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි නව ව්‍යාපාරික අවස්ථා එක්ලක්ෂ 40,000ක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.