වතුකම්කරු වැටුප 600 දක්වා ඉහළ දැමීමට සමාගම්වල එකඟත්වය

Wednesday, 17 October 2018 - 12:51

%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4+600+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමිය නොහැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.

මේ අතර, දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලා කම්කරුවන් අද හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ රොසැල්ල ප්‍රදේශයේ සහ වටවල - කැරොලයිනා ප්‍රදේශයේ අද (17) විරෝධතාවක නිරත වුණා.

වැටුප් ඉහළ දමා ගැනීම සදහා වතු සමාගම්වලට එරෙහිව අඛන්ඩව විරෝධතා දියත් කරන බවයි ලංකා ජාතික වතුකම්කරු සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායකගෙන් කියා සිටියේ රුපියල් 500 ක පවතින දෛනික මූලික වැටුප 600 දක්වා ඉහළ දැමීමට වතු සමාගම් කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, දීමනා සමඟ වැටුප රුපියල් 950 දක්වා ඉහළ නැංවෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.