චීනයේ ජනගහනය පහළට

Friday, 23 November 2018 - 7:27

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
චීනයේ - බීජිං නුවර ජනගහනය දශක දෙකකින් පසු ප්‍රථම වතාවට පහත වැටී තිබෙනවා. චීන රජයේ නිල දත්ත උපුටා දක්වමින් ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සදහන් කළේ පසුගිය වසරේ බීජිං නුවර ජනගහනය මිලියන 21 යි දශම 7 ක් වූ බවයි.

එය පෙර වසරට වඩා 22,000 ක අඩුවීමක්.

චීන මහජන කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ 2016 සහ 2017 වසරවලදී බීජිං නුවර ජනගහනය සියයට 3 කින් පහත වැටී ඇති බවයි.

වාහන තදබදය, සම්පත් හිගය සහ නිවාස මිල ගණන් ඉහළ යාම හේතුවෙන් බීජිං නුවර ජනගහනය පාලනය කිරීමට චීන රජය පියවර ගත්තා.

ලොව වඩාත්ම ජනාකීර්ණ රටවන චීනයේ  ජනගහනය මේ වනවිට එකසිය තිස්අට කෝටි හැටලක්ෂයක්.