ඇඟලුම් අපනයනවල වර්ධනයක්

Tuesday, 04 December 2018 - 13:22

%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 5.04ක වර්ධනයක් බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනය පවසනවා.

එහිදී ඇමරිකා එක්සත් ජනපද වෙළදපොළට ඩොලර් බිලියන 1.66ක ඇඟලුම් අපනයනය කර ඇති අතර, එහි වර්ධනය සියයට 5.84ක්. යුරෝපා සංගමය වෙත සිදුකළ ඇඟලුම් අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 1.7 දක්වා සියයට 4.43කින් වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් යුරෝපයට අපනයනය කරන ඇඟලුම් වලින් සියයට 17ක් යොමු වන්නේ බ්‍රිතාන්‍යයටයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බලපෑම මෙන්ම ගෝලීය ආර්ථිකයේ මන්දගාමීවීම හේතුවෙන් මේ වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 5.5ක ඉලක්කය කරා ළඟාවීම දුෂ්කර බවයි ඇඟලුම් කර්මාන්ත සම්මේලනය සඳහන් කළේ.

2017 වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 4.81ක් ඉපයූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 3ක වර්ධනයක්.