වතු කම්කරු වර්ජනය අවසන්

Wednesday, 12 December 2018 - 8:21

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 8ක් පුරා වතු කම්කරුවන් ආරම්භ කළ වර්ජනය අද සිට නතර කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් පවසනවා.

වතු කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

වැටුප් වැඩි කිරීම පිළිබදව වතු හාම් පුතුන්ගේ සංගමය සමග ලබන 19 වන දා සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ.