මෙරට දළ දේශීය නිෂ්පාදිතය ගැන ලෝක බැංකුවේ අපේක්ෂාව

Friday, 11 January 2019 - 13:01

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%85+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
මෙරට දළදේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 4.1 දක්වා වර්ධනයක් ලබනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

දේශීය ඉල්ලූම ඉහළයාම සහ යටිතල පහසුකම් කේන්ද්‍ර කොටගත් ආයෝජන ඒ සඳහා හේතුවනු ඇති බවයි ගෝලීය ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳව එමඟින් සකස් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ලෝක බැංකු වාර්තාවට අනුව ඉන්දියාව මේ වසරේදී සියයට 7.3 ක වර්ධනයක් ලබනු ඇති අතර, බංග්ලාදේශය සියයට 7 ක වර්ධනයක් අත්කරගනු ඇති.

එමෙන්ම 2019 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.9 දක්වා මන්දගාමී වනු ඇති බව ලෝක බැංකුවේ අදහසයි.