වරාය නගරයේ ගොඩකිරීම් අවසන්

Tuesday, 15 January 2019 - 19:17

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා.

ඒ බව නිල වශයෙන් නිවේදනය කිරීම අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ මෙරට චීන තානාපති චැන් ෂුයෑංග් විසින් හෙට දිනයේදී සිදුකිරීමට නියමිත බවයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණයකින් සමන්විත කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත්, වත්මන් රජය බලයට පත්වූ පසු එම කටයුතු තාවකාලිකව අත්හිට වූ අතර, පසුව පාරිසරික හා තාක්ෂණික ඇගයීම් වාර්තා ලබාගැනීමෙන් අනතුරුවයි එහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කෙරුණේ.

මෙහි ආර්ථික කලාපය පළමුව ඉදිකිරීමට නියමිත අතර සමස්ත ව්‍යාපෘතිය තවත් වසර 25 කින් අවසන් කිරීමට සැලසුම් තිබෙනවා.

මුහුද ගොඩකිරීම අවසන් කිරීමෙන් පසු වරාය නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආරම්භ කෙරෙන බවයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.