මහබැංකුවෙන් බිලියන 90ක, භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක්

Thursday, 17 January 2019 - 13:10

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+90%E0%B6%9A%2C+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මේ වසරේ ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ පවතින විදේශ විනිමය හිඟය හේතුවෙන් භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම බිල්පත් නිකුත් කළ බවයි.

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය සහ පොලී ගෙවීම සඳහා මෙම භාණ්ඩාගාර බිල්පත් යොදා ගන්නා බව සඳහන්.

ජාතික වශයෙන් වැදගත් සුවිශේෂී අවස්ථාවන්වලදී භාණ්ඩාගාරයේ ඉල්ලීම මත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට මුදල් මණ්ඩලය බැදී සිටින බව ද මහබැංකුව පෙන්වා දෙනවා.

එමෙන්ම මෙලෙස නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත්වලින් කොටසක් ලබන මාසයේදී ආපසු ගෙවීමට රජය එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සදහන්.

මේ අතර මෙම මාසය අවසන් වීමට පෙර තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් විදෙස් ණය හා පොලිය ලෙස ගෙවීමට රජයට සිදුව තිබෙනවා. මෙලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් විදෙස් ණය හා පොලිය වශයෙන් පසුගිය 14 වන දා රජය විසින් ගෙවනු ලැබුවා.