බොර තෙල් මිල ඉහළට

Sunday, 20 January 2019 - 13:16

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛන්ඩව ඉහළ යාමක් ගතවූ සතිය තුළ දක්නට ලැබුණා.

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්ධන සංචිත පහත වැටීමද ඊට එක් හේතුවක්.

ගෝලීය සැපයුම කප්පාදු කළද ඇමරිකාව සහ චීනය අතර ආර්ථික අර්බුදය විසඳීමේ බලාපොරොත්තුවද තෙල් මිල ඉහළ යාමට හේතුවක්.

සති අන්තය වනවිට බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62 යි ශත 70 දක්වා ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 53 යි ශත 80 ක් ලෙසයි.

ඒ අනුව ගතවූ සතිය තුළ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 3.7 කින්ද ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 4.3 කින්ද ඉහළ ගොස් තිබෙනවා.