%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+3%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A
Saturday, 09 February 2019 - 12:52
ඉන්දියාවේ ප්‍රාන්ත 3ක සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්
760

Views
ශ්‍රී ලංකාවට ඉන්දීය සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ නව වැඩපිළිවෙල එහි ප්‍රාන්ත 3ක විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව උත්තර් ප්‍රදේශ්, මහා රාෂ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවල එම වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති.

ඊට අමතරව මැදපෙරදිග, චීනයේ සහ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගෙන සංචාරක පැකේජ හඳුන්වාදීමට කටයුතු කෙරෙනවා.

නවාතැන් සඳහා පමණක් තුන් රැයකට ඩොලර් 99ක් අය කෙරෙන මෙම පැකේජ දස දහසක් අවම වශයෙන් අලෙවි කිරීමට සැලසුම් කෙරෙන බව සඳහන්.

ඉන් සියයට 65ක් ලැබෙනු ඇත්තේ ඉන්දියාවෙන්.

පසුගිය වසර සැලකූ විට එක් සංචාරකයෙකු මෙරට දී වැය කළ සාමාන්‍ය මුදල ඩොලර් 174ක්.

ඒ අනුව මෙම වැඩසටහන මගින් රුපියල් බිලියන 1.3ක් උපයා ගැනීමට අපේක්ෂිතයි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 2.3ක් පැමිණි අතර ඉන් වැඩිම පිරිසක් පැමිණියේ ඉන්දියාවෙන්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE