%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Tuesday, 12 February 2019 - 7:50
කොටස් වෙළඳපොළ පිරිවැටුමේ වෙනසක්
834

Views
කොළඹ කොටස් වෙළඳපොළේ ඊයේ (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ පිරිවැටුමක් දක්නට ලැබුණා.

රුපියල් බිලියන 3.3 ඉක්ම වූ එම පිරිවැටුමට සියයට 90කින් පමණ දායක වූයේ විදේශීය ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයයි.

රුපියල සාපේක්ෂව ස්ථාවර වීම හේතුවෙන් ඔවුන් වැඩි වශයෙන් කොටස් මිලදී ගැනීමක් දක්නට ලැබුණු නමුදු, ඊයේ දිනයේදී ද ඊට වඩා වැඩි කොටස් ප්‍රමාණයක් අලෙවි කර තිබෙනවා.  

කොටස් වෙළදපොළේ සමස්ත දර්ශකය තවදුරටත් 6000ට අඩු අගයක පැවති අතර, එය සටහන් වූයේ 5960.62ක් ලෙසයි.  


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE