%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Friday, 15 March 2019 - 7:38
වාහන ලියාපදිංචිය පහළට
299

Views
මෙරට වාහන ලියාපදිංචිය පසුගිය පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

ජනවාරි  මාසයේ නව වාහන 3147ක් ලියා පදිංචි කෙරුණු අතර, පෙබරවාරියේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 2347ක්. ඊට වසරකට එම සංඛ්‍යාව 5024ක් වූ බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.

පෙබරවාරියේ ලියාපදිංචි කළ වාහනවලින් සියයට 76.3ක්ම කුඩා එන්ජින් සහිත මෝටර් රථයි.

කෙසේ නමුත්, අලූත්ම මෝටර් රථ ලියාපදිංචිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරියේදී සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ජනවාරි මාසයේදී අලූත් මෝටර් රථ 429ක් ලියාපදිංචි කළ ද පෙබරවාරියේදී වාහන 434ක් ලියාපදිංචි කළා.

කෙසේ නමුත්, වසරකට පෙර එම සංඛ්‍යාව 773ක් වූ බවයි තැරැව්කාර සමාගම් සඳහන් කළේ.

වාහන සඳහා පවතින ඉල්ලූම පහත වැටීම මෙලෙස ලියාපදිංචිය අඩුවීමට ප්‍රධාන හේතුවක්.

මෙරටට ආනයනය කරන වාහන යුරෝ - 4, ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවට පැනවුණු රෙගුලාසි ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE