%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B7%9A
Saturday, 20 April 2019 - 12:50
ආසියානු තේ සන්ධානයක් බිහිවේ
1,359

Views
ශ්‍රී ලංකාව ඇතුළු තේ වගා කරන සහ පාරිභෝජනය කරන රටවල් 5කින් සමන්විත ආසියානු තේ සන්ධානයක් චීනයේ ගුයිෂු නුවර දී ඊයේ පිහිටුවා ගැනුණා.

ආසියානු තේ සන්ධානය ලෙස නම් කෙරුණු එහි සාමාජිකයන් වන්නේ ඉන්දීය තේ සම්මේලනය, චීන තේ අලෙවි සම්මේලනය, ඉන්දුනීසියානු තේ අලෙවි සම්මේලනය, ජපාන තේ සම්මේලනය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයයි.

එක්ව තේ වෙළදාම සංවර්ධනය කිරීම, සංස්කෘතික සහ තාක්ෂණික හුවමාරු මෙන්ම ගෝලීය වශයෙන් තේ ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ගෝලීය වශයෙන් තේ පානය දිරිගැන්වීම සහ ආසියානු තේ කර්මාන්තයේ අනාගතය තිරසාර සංවර්ධනයක් කරා යොමු කිරීමට ද ආසියානු තේ සන්ධානය අපේක්ෂා කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE