%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%96%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 14 May 2019 - 12:58
මහබැංකුවට දූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍යයි
171

Views
ශ්‍රී ලංකා මහබැංකුව දත්ත මත පදනම්ව දූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව අන්තර් ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

එමගින් සදහන් කළේ නම්‍යශීලි උද්ධමනයක් ඉලක්ක කරගෙන මහබැංකු රෙගුලාසි සංශෝධනය විය යුතු බවයි.

බාහිර බලපෑම් වලට ඔරොත්තු දීම සදහා නම්‍යශීලි විනිමය අනුපාතයක් පවත්වා ගත යුතු අතර, විදෙස් සංචිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු වනවා.

එමෙන්ම, පරිපූර්ණ වර්ධනයක් උදෙසා ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුවිය යුතු බවයි මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරය තවත් වසරක් සඳහා දිගු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ තීරණය කළා.

ඒ අනුව තවත් ඩොලර් මිලියන 164ක වාරිකය ද නිකුත් කෙරෙනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE