Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+70+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 14 May 2019 - 19:38
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70 ක් මූල්‍යාධාරයක්
224

Views
උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල, පළාත්පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය මගින් ඩොලර් මිලියන 70 මූල්‍යාධාරයක් ලබාදී තිබෙනවා.

එම පළාත්වල පළාත්පාලන ආයතන 134 ක් සඳහා ක්‍රියාත්මක කෙරෙන සහය වැඩසටහන සඳහා ඩොලර් මිලියන 100 ක් වැයවන අතර, ලක් රජය විසින් ඩොලර් මිලියන 7 ක දායකත්වයක් දක්වනු ඇති.

ඉතිරිය යුරෝපා සංගමය විසින් ප්‍රදානයක් ලෙසින් ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය මගින් ලබාදෙන ඩොලර් මිලියන 70 ක ණය මුදල සඳහා ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේදී අද අත්සන් තැබුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE