2018+%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Monday, 20 May 2019 - 12:51
2018 රබර් නිෂ්පාදනය පහළට
130

Views
පසුගිය වසරේ රබර් නිෂ්පාදනය 2017 වසරට සාපේක්ෂව සියයට 0.6 කින් පහළ ගොස් තිබෙනවා.

2017 වසරේදී කිලෝග්‍රෑම් මිලියන 83.1 ක් රබර් නිෂ්පාදනය කළ අතර, එය පසුගිය වසරේදී කිලෝග්‍රෑම් මිලියන 82.6 ක් දක්වා අඩු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

පසුගිය වසරේ මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව රබර් වගා ප්‍රදේශවල පැවති කාලගුණ තත්ත්වය මෙලෙස නිෂ්පාදන අඩුවීමට හේතු වී තිබෙනවා.

ඒ අනුව පවතින ඉල්ලූම සපුරාලීම සඳහා අමු රබර් ආනයනය කිරීමට සිදුවුණා.

2014 වසරේදී අමු රබර් කිලෝග්‍රෑම් මිලියන 61.8 ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරේදී කිලෝග්‍රම් මිලියන 65.8 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE