Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Friday, 24 May 2019 - 13:14
ශ්‍රී ලංකා - පාකිස්තාන වෙළඳාම බිඳ වැටී නැහැ - මහකොමසාරිස් කාර්යාලයෙන් ප්‍රකාශයක්
169

Views
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණ හිට ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

පාකිස්තාන පුවත්පතක් මේ බව වාර්තා කළේ පාකිස්තාන - ශ්‍රී ලංකා ව්‍යෘපාරික සංසදයේ සභාපතිවරයා බව කියන අස්ලම් පඛාලි නැමැත්තෙකු උපුටා දක්වමින්.

පාකිස්තානයේ ශ්‍රී ලංකාවට සිදුකෙරෙන සහල් සහ රෙදිපිලි අපනයනයන් නතර වී ඇති අතර, අර්තාපල් අපනයනය ද කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි

පාකිස්තාන එක්ස්ප්‍රෙස් ටි‍්‍රබියුන් පුවත්වත වෙත ඔහු සඳහන් කළේ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසු මතුව ඇති තත්ත්වය ඊට හේතුව බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත්, අදාළ ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි මෙරට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ අදාළ පුවතට පදනම් වූ ප්‍රකාශය සිදුකළ අස්ලම් පඛාලි නැමැත්තා තමන් සම්බන්ධ කර ගත් අතර, ඔහු එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ යැයි පැවසූ බවයි.

එමෙන්ම, පුවත්පතේ සදහන් වූ පරිදි ඔහු ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත නොපැමිණි බව ද එමගින් අවධාරණය කළා.

අදාළ පුවත නිවැරදි කරන ලෙස පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එක්ස්ප්‍රෙස් ටි‍්‍රබියුන් පුවත්පත වෙත දන්වා යවා තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE