Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
Saturday, 25 May 2019 - 12:47
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තේ අපනයනයට බාධාවක් නැහැ
87

Views
මේ වසරේ අප්‍රේල් මාසයේදී මෙරට තේ අපනයනයට පාස්කු ඉරිදා ප්‍රහාරවලින් බලපෑමක් සිදුව නොමැති අතර, අපනයනය කළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 20.8ක් බව තැරැව්කරුවන් ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, අප්‍රේල් මාසයේ තේ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6කින් පහත වැටී ඇති අතර, නිෂ්පාදිත තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 23.6ක්.

වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් ඉපයූ ආදායම 2018 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 5.5කින් ඉහළ ගොස් තිබෙනවා.

එහිදී මෙරට තේ වැඩි වශයෙන්ම මිලදී ගෙන ඇත්තේ ඉරාකයයි.

තුර්කිය, රුසියාව, ඉරානය සහ ලිබියාව ඉන් පසු වැඩිම තේ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් මිලදී ගත් රටවල් වනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE