%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B8%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Sunday, 16 June 2019 - 13:36
විශ්‍රාම වැටුප් විෂමතා ලබන මස සිට ඉවතට
1

Shares
181

Views
මෙම වසරේ අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ලබන මස සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය දැනුම්දෙනවා.

2015 දෙසැම්බර් මස 31 ට පෙර විශ්‍රාම ගනු ලැබූ විශ්‍රාමිකයන් ලක්ෂ පහකට පමණ මෙම විශ්‍රාම වැටුප් වැඩිවීමේ වාසිය හිමිවන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.  

ඒ අනුව විශ්‍රාමිකයන්ගේ මාසික වැටුප රුපියල් 2,800 සහ රුපියල් 20,000 අතර මුදලකින් වැඩිවනු ඇති.

මෙම සංශෝධනය අනුව විශ්‍රාම ගිය සේවකයින්ට වැටුප් විෂමතා ඉවත්වනතුරු ගෙවන ලද රුපියල් 3500 අන්තර් දීමනාව, නව වැටුප් ව්‍යුහයට ඇතුළත් කෙරෙන අතර, රුපියල් 3525 ජීවන වියදම් දීමනාව තවදුරටත් හිමිවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE