Hirunews Logo
%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Sunday, 16 June 2019 - 19:21
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහත වැටීමක්
122

Views
තෙල් නෞකා දෙකකට ප්‍රහාර එල්ලවීමත් සමඟ ගල්ෆ් කලාපයේ උණුසුම් තත්ත්වයක් මතුවුවද ගතවූ සතිය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටීමක් පෙන්නුම් කළා.

සතිය තුළ තෙල් මිල සියයට 2.7 කින් පහත වැටුණු අතර, එය අඛන්ඩ තුන්වන සතියේ මිල පහත වැටීමයි.

ලෝකයේ තෙල්වලින් තුනෙන් දෙකක් පමණ ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍රසන්ධිය අසළ කලාපයේ උණුසුම අභිබවා තෙල් මිල පහත වැටීමට බලපා ඇත්තේ ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයයි.

වෙළඳ යුද්ධය නිසා බලශක්තිය සඳහා පවතින ඉල්ලුම පහත වැටීමේ අවදානමක් පැවතීම ඊට හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 62 ක් ලෙස සටහන් වූ අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 52 යි ශත 51 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE