Yamaha+AMW+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+FZ+%E0%B7%83%E0%B7%84+FZ+-+S+version+3.0+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7
Wednesday, 19 June 2019 - 11:05
Yamaha AMW නවතම FZ සහ FZ - S version 3.0 මාදිලියේ යතුරුපැදි ශ්‍රී ලාංකික වෙළෙපොළට
4

Shares
531

Views
ශ්‍රී ලාංකීය රථවාහන ක්ෂේත්‍රයේ මගපෙන්වන්නා එසේත් නැතිනම් පෙරගමන්කරු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගම තම යතුරුපැදි ඛාණ්ඩයේ නවතම මාදිළි ද්විත්වය වන Yamaha FZ සහ FZ - S version 3.0 ශ්‍රී ලාංකික වෙළෙඳපොළට පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා.

බොරැල්ලේ පිහිටි YAMAHA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී පැවති මෙම හඳුන්වාදීමේ අවස්ථාවට යතුරුපැදි අලෙවිකරුවන්, යතුරුපැදි වලට ආදරය කරන්නන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා.
 
එහිදී මෙම නවතම මාදිලි වල විශේෂාංගයන් දෑසින්ම දැකබලාගැනීමට මෙන්ම එහි අත්දැකීම් ලැබීමටද ඔවුන්ට අවස්ථාව ලැබීම විශේෂත්වයක්.
 
ශ්‍රී ලංකාව තුළ ධාවනය වන අනෙකුත් 150 CC කාණ්ඩයේ යතුරු පැදි හා සංසන්දනය කිරීමේදී Yamaha FZ මාදිලිය අංක එක මාදිලිය බව යමහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුඩීන් මහතා යතුරුපැදිය හඳුන්වාදීමේ උත්සවය අමතමින් ප්‍රකාශ කළා.
 
මෙම නවතම Yamaha FZ සහ FZ - S version 3.0 මාදිලිවල වැදගත්ම විශේෂාංගය ලෙස ABS (Anti -Lock Braking System) තිරිංග පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්.

එය ඉතාමත් ආරක්ෂාකාරී ගමනක් ඔබට ලබා දෙන අතර හදිසි තිරිංග තද කිරීමේදී පසෙකට ඇදීයාම සහ රෝද පාලනයෙන් තොරව ධාවනය කිරීම වලක්වනු ලබනවා.

එමෙන්ම FI‍ තාක්ෂණය හේතුවෙන් ඉතා අඩු ඉන්ධන පාරිභෝජනයකින් උපරිම එන්ජින් කාර්යක්ෂමතාවක් 12.8 N-M(1.3KG F-M), සහ 13.2 PS @ 8000 rpm බලයක් ලබා දෙන අතර150 CC කාණ්ඩයේ අඩුම බර සහිත යතුරුපැදිය මෙය බව ප්‍රකාශ කරන්න පුළුවන්.

එහි බර 137Kg ක් ‍වැඩි දියුණු කළ එන්ජින් සැකසුම ඔබට වේගවත් ආරම්භයක් ලබාදෙන අතර වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව මෙන්ම දැඩි වාහන තදබදයකදී වුවත් පහසුවෙන් ගමන්කිරීමේ හැකියාවද ලබා දෙනවා.
 
 ඒවගේම නවතම සුපිරි LED HEADLIGHT ප්‍රධාන ආලෝක පහන, රාත්‍රී කාලයේදී පැහැදිලි දර්ශනයක් සහිතව මාර්ගයේ ආරක්ෂාකාරීව ගමන් කිරීමේ පහසුව සලසනවා.

නෙගටිව් LCD මීටරය සුවපහසු ද්විත්ව ආසනය, වැඩි වායු ධාරාවක් ලබාගත හැකි පරිදි නවීන ලෙස සකසන ලද ලීටර 12.8ක් වන (මෙම කාණ්ඩයේ වැඩි ධාරිතාවක් සහිත) ඉන්ධන ටැංකිය සහ ඒ මත පිහිටා ඇති ප්‍රධාන ස්විචය නවීන සහ ආකර්ශනීය බවක් ලබා දෙන අතර හැන්ඩලයේ අඩු වයර් සැකැස්ම යතුරුපැදියට වඩාත් සැහැල්ලූ බවක් ලබා දෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE