Hirunews Logo
%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%9A%E0%B7%9A%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 19 June 2019 - 12:53
සංචාරක කර්මාන්තය පුළුල් කිරිමට සහන පැකේජය පුළුල් වෙයි
79

Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ලබාදුන් සහන පැකේජය තවදුරටත් පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙමගින් බලපෑමට ලක් වූ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රයන් සදහා ද සහන ලබාදෙන ලෙස ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව, මගී බස් රථ හිමියන් සදහා මේ මස 31 වනදා දක්වා ණය සහන කාලයක් ලබාදීමටත්, සංගීත කණ්ඩායම් සදහා ද සංචාරක කර්මාන්තයේ නිරතව සිටින ආයතන සහ පුද්ගලයින් සදහා හදුන්වා දුන් කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය හදුන්වා දීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE